2024 සැප්‍තැම්‍බර් 17, ප.ව. 9:39
ලෙබනනයේ බේරූට් අගනුවර සහ තවත් ප්‍රදේශයන් හි පුද්ගලයන් භාවිතා කළ පේජර් යන්ත්‍ර පුපුරා යාමෙන් අටදෙනකු මියගොස් 2800 ක් තුවාල ලබා තිබෙනවා. මියගිය අය අතර වයස අවුරුදු දහයක දැරියක ද වනවා.
හිස්බුල්ලා සංවිධානයෙහි සාමාජිකයන් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ප්‍රධාන පෙළේ හිස්බුල්ලා සාමාජිකයන් කිහිපදෙනකු ද තුවාලකරුවන් අතර වන බවයි ඇතැම් වාර්තා පවසන්නේ.
මේ අතර සිරියාවේ සිටින හිස්බුල්ලා සාමාජිකයන් කිහිපදෙනකුට ද ප්‍රහාරවලින් තුවාල වී ඇතැයි වාර්තා වනවා.
තමන් සතුව තිබූ පේජර් යන්ත්‍ර රත්වන බව දැනී ඇතැමුන් එම යන්ත්‍ර පසෙකට දැමූ බවත් ඔවුන් හානියක් නොවී ගැලවී ඇති බවත් වාර්තා වනවා.
පසුගිය සමයේ හිස්බුල්ලා සාමාජිකයන් ජංගම දුරකථන භාවිතයෙන් ඉවත්ව පේජර් භාවිතා කිරීමට පටන් ගත්තා. ඒ ජංගම දුරකථන හැක් කරනු ඇතැයි යන සැකය මතයි. පේජර් යන්ත්‍ර භාවිතා කරන්නේ රේඩියෝ සංඛ්‍යාතයි.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15