hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 ජූනි 30, ප.ව. 10:17



ටෙක්සාස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ නගරයට නුදුරින් අතහැර දමා ගිය ලොරි රථයක තිබී මියගිය පුද්ගලයින් 53 දෙනෙක්ගේ සිරුරු හමුවීම සම්බන්ධයෙන් එම ලොරි රථයේ රියදුරුට චෝදනා එල්ල වී තිබෙනවා.

එරට පොලිසිය විසින් ඔහුව මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මෙය එක්සත් ජනපද ඉතිහාසයේ සිදුවූ මාරාන්තික මිනිස් ජාවාරම ලෙස එරට බලධාරීන් හඳුන්වනු ලබනවා.

ඉහළ මෙක්සිකානු ආගමන නිලධාරියෙකු පවසා තිබෙන්නේ සැකකටයුතු රියදුරු සැමෝරානෝ පොලිසිය විසින් සොයා ගන්නා විට පොලිසිය මග හැරීමට උත්සාහ කර ඇති බවයි.

දෙවැනි සැකකරුවෙක්ද කුමන්ත්‍රණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.