hit counter

2026 ජනවාරි මස 31 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:04



‘ජාතික ජන බලවේගයේ යෝජිත කැබිනට් මණ්ඩලය’ මැයෙන් හුවමාරු වන එක්තරා සටහනක් පිළිබඳව, ජනප්‍රිය රංගන ශිල්පි ජගත් මනුවර්ණ සිය මුහුණු පොතේ සඳහනක් තබා තිබුණා.

ඒ, අදාළ සටහන ‘ව්‍යාජ’ එකක් බැව් හුවා දක්වමින්.

එලෙස හුවමාරු වන ව්‍යාජ සටහනට අනුව, ජගත් මනුවර්ණ හට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධූරයක් යෝජිත බව සඳහන්.

එමෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා හටත් අමාත්‍ය ධූරයක් යෝජිත බව එහි දැක්වෙනවා.

මෙයාකාරයෙන් හුවමාරු වන සටහන සම්බන්ධව සෙවීමේදී දක්නට ලැබුණේ, එය නිමා වුණු ජනාධිපතිවරණයට පෙර සිට ම ජනතාව නොමඟ යවන අන්දමින් සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු සටහනක් වන බවයි.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: