2024 සැප්‍තැම්‍බර් 27, ප.ව. 11:56
අද දින ලෙබනනයේ බේරූට් අගනුවර පිහිටි හිස්බුල්ලා මූලස්ථානය බව පැවසෙන ස්ථානය ඉලක්ක කරගෙන එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් එම ස්ථානයේ වූ ගොඩනැගිලි විනාශ වී තිබෙනවා.
හිස්බුල්ලා මූලස්ථානය පිහිටියේ එම ගොඩනැගිලි පිහිටි ස්ථානයේ භූගතව බවයි කියැවෙන්නේ.
එම ප්‍රහාරය අවස්ථාවේ හිස්බුල්ලා මහ ලේකම් හසන් නස්රල්ලා එහි වූයේදැයි පැහැදිලි වන්නේ නැහැ. ඊශ්‍රායලය ඒ පිළිබඳ සොයාබලමින් සිටින්නේ යයි සඳහන්. මේ අතර ලෙබනන මූලාශ්‍රයක් සඳහන් කර තිබුණේ නස්රල්ලාට ප්‍රහාරයෙන් හානියක් නොමැති බවයි.
හසන් නස්රල්ලා 1992 සිට හිස්බුල්ලා හි මහ ලේකම් ලෙස කටයුතු කරනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24