2024 සැප්තැම්බර් 29, ප.ව. 11:52
ඔස්ට්‍රියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී අන්ත ජාතිකවාදී ඔස්ට්‍රියානු නිදහස් පක්ෂය ඓතිහාසික ජයක් ලබාගනු ඇතැයි ප්‍රතිඵල පිළිබඳ මූලික සමීක්ෂණ පෙන්නුම් කරනවා.
මේ අනුව එම පක්ෂය සියයට 29 ක් පමණ ඡන්ද ලබාගනු ඇතැයි අනුමාන කෙරෙන අතර මධ්‍ය දක්ෂිනාංශික ඔස්ට්‍රියානු ජනතා පක්ෂය සියයට 26.2 ක් පමණ ඡන්ද ලබාගනු ඇතැයි අපේක්ෂිතයි. සමාජ ප්රජාතන්ත්රවාදීන් සියයට 20.7 ක් ලබාගනු ඇතැයි අනුමාන කෙරෙනවා.
මෙම අනුමානයක් නිවැරදි වුවහොත් මෙය ඔස්ට්‍රියානු නිදහස් පක්ෂය මහමැතිවරණයකින් පළමු ස්ථානය ලබාගත් පළමු අවස්ථාව වනු ඇති. කෙසේ වෙතත් අනෙක් පක්ෂයන් හි සහය නොලැබුණහොත් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවිය නොහැකියි.
මෙවර මහමැතිවරණයෙහි ප්‍රධාන තේමාවක් වූයේ අනවසර සංක්‍රමණිකයන් පිළිබඳ මතභේදයයි. සංක්‍රමණිකයන් ප්රතිසංක්රමණය කරන්නට කටයුතු කරන බව ඔස්ට්‍රියා නිදහස් පක්ෂය පවසනවා.
මෙම මැතිවරණ ජයග්‍රහණය යුරෝපයේ ඇතැම් රටවල දකින්නට ලැබෙන දක්ෂිනාංශික නැඹුරුවෙහි තවත් අවස්ථාවක් වනවා.
යුරෝපා සංගමයෙහි ප්‍රතිපත්ති විවේචනය කරන ඔස්ට්‍රියානු නිදහස් පක්ෂයෙහි නායක හර්බට් කිකල් පවසන්නේ හන් ගේරියානු අගමැති වික්ටර් ඔර්බන් තමන්ට ආදර්ශයක් වන අයකු බවයි.
ඔස්ට්‍රියානු නිදහස් පක්ෂය යුක්රේනයට ආධාර ලබාදීමට විරුද්ධ අතර රුසියාවට හිතැති පක්ෂයක් ලෙස සැලකෙනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16