hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:02



ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 145ක ලාභයක් උපයා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

සෑම පාරිභෝගිකයෙකුගෙන්ම රුපියල් 20,000ක් අමතරව ලබාගෙන ඇති බවත්, ඒ අනුව වත්මන් රජය විසින් විදුලිබිලේ සහනය ජනතාවට ලබා දිය යුතු බවත් ඒ මහතා කියා සිටියා.

කෙසේ වෙතත් මෙතෙක් විදුලිබිල අඩු කිරීම සඳහා යෝජනාවක් හෝ ඉදිරිපත් වී නොමැති බවයි චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ.

වේදිකාවල කුමක් ප්‍රකාශ කළද, යථාර්ථය මෙය බවයි ඒ මහතා අවධාරණය කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,

“මැතිවරණ වේදිකාවේ දී අපිට ඇහුණා බදු ගහලා තියෙනවා.. අසීමාන්තික විදිහට ලාභ උපයනවා.. ඒ නිසා තෙල් මිල අඩු කරනවා.. බදු අයින් කරනවා.. ඒ වගේම විදුලි බිල 40% කින් අඩු කරනවා වගේ කතා.. ඉතින් ඇත්තටම මීට සති දෙකකට කලින් පමණ ලංකාවට පෙට්‍රල් (92) ගෙන්නුවේ රුපියල් 195 ට.. ඩීසල් (සාමාන්‍ය) ගෙන්නුවේ රු. 200කට විතර.. ඒ අනුව පෙනී යනවා දැන් අලුත් මිල ගණන් අනුව ගත්තත් පෙට්‍රල් ලීටරයකට රුපියල් 117ක පමණ බදු මුදලක් ඩීසල් ලීටරයකට රුපියල් 83ක පමණ විශාල බදු මුදලක් අය කරන බව.. වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් ඕක තමයි යථාර්ථය.. ඉතින් විදුලි බිල තාම අඩු කිරීම සඳහා යෝජනාවක් වත් ඉදිරිපත් කරලා නෑ.. විදුලිබල මණ්ඩලය, පළවෙනි මාස අටේදී මේ ඇති කරපු අසීමාන්තික, ව්‍යාජ, මහජන පරපීඩාකාමී විදුලි බිල නිසා අතිරේක ලාභ, විදුලිබල මණ්ඩලයේ සියලු දූෂණත් ඇතුළුව, අතිරේක ලාභ ඉපයූවා..”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: