2024 ඔක්තෝබර් 06, ප.ව. 1:11
ඉන්දියාවේ පැවති කශ්මීර් සහ හර්යානා මැතිවරණවලදී පාලක භාරතීය ජනතා පක්ෂයට පරාජයන් අත්වේ යයි මූලික ප්රතිඵල සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා.
කශ්මීර් හි ආසන 90 න් විශාලම පංගුවක් ජම්මු සහ කශ්මීර් ජාතික සම්මේලනය සහ ඉන්දීය ජාතික කොන්ග්රසය ඇතුලත්ව සන්ධානය අතට පත්වේ යයි පෙන්නුම් කෙරෙනවා. කෙසේ වෙතත් ඔවුන් බහුතර බලයක් තනිව ලබාගනීද යන්න සැක සහිතයි.
මේ අතර හර්යානා ප්රාන්තයේදී කොන්ග්රස් පක්ෂය වඩා පහසු ජයක් ලබනු ඇතැයි අනාවැකි පළවී තිබෙනවා. එහිදී භාරතීය ජනතා පක්ෂය ආසන 90 න් ආසන 30 කට ද අඩු ප්රමාණයක් දක්වා පහළ වැටීමේ ඉඩක් මතුව ඇති බවයි අනාවැකි පළව තිබෙන්නේ.
ඉන්දියානු මහමැතිවරණයෙන් අනතුරුව පවත්වන ලද පළමු ප්රාන්ත මැතිවරණ බැවින් ද කශ්මීරයේ දී දශකයක ඇවෑමෙන් පවත්වන ලද පළමු ප්රාන්ත මට්ටමේ මැතිවරණය බැවින් ද මෙම මැතිවරණ දෙක කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබුණා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16