hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 09, ප.ව. 1:34



2022 පෙබරවාරියේ රුසියානු ආක්‍රමණය ආසන්නයේ දිනෙක එවන් ආක්‍රමණයක් එන බවත්, එහිදී තමන් මියගියහොත් හෝ අල්ලාගනු ලැබුණහොත් හෝ ජනාධිපති ධුරයට පත්වීමට අනුප්‍රාප්තිකයකු පත්කිරීම සිදුසු බවත් ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් විසින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිට පවසා ඇති බව අනාවරණය වී තිබෙනවා.

ප්‍රවීණ ඇමරිකානු ජනමාධ්‍යවේදී බොබ් වුඩ්වර්ඩ් විසින් ලියන ලද නවතම කෘතිය වන මගින් මේ බව හෙළිකර තිබෙනවා.

යුද්ධය ඇරඹීමට පෙර පැවති මියුනික් ආරක් ෂක සමුළුවේදී හැරිස් මේ බව සෙලෙන්ස්කිට දන්වා ඇති බවයි එම කෘතියෙහි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් යුද්ධය ඇරඹේ යයි සෙලෙන්ස්කි එවකට විශ්වාස නොකළ අතර අනුප්‍රාප්තිකයකු පිළිබඳ ද කිසිදු පියවරක් ගත්තේ නැහැ. නිල වශයෙන් ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට කතානායකවරයා එහි වැඩ බැලීමට පත්වීමට නියමිතයි.

තමන් ඝාතනය කිරීමට අවස්ථා පහකදී උත්සාහ කර ඇති බව සෙලෙන්ස්කි ස්වල්ප කළකට පෙර සඳහන් කර තිබුණා.