2024 ඔක්තෝබර් 09, ප.ව. 6:28
නොබෝදා පැවති ජම්මු සහ කශ්මීර් ප්‍රදේශයේ සහ හර්යානා ප්‍රාන්තයේ මැතිවරණවල ඡන්ද ගණනය කිරීම ඊයේ සිදුවුණා.
එහිදී ජම්මු සහ කශ්මීර් ප්‍රදේශයේදී ජම්මු සහ කශ්මීර් ජාතික සම්මේලනය සහ ඉන්දීය ජාතික කොන්ග්රසය ප්රමුඛ INDIA සන්ධානය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගන්නට සමත් වුණා. ඔවුන් ජයගත් ආසන සංඛ්‍යාව 49 ක් වූ අතර ඉන් ආසන 42 ක් ම දිනාගත්තේ ජම්මු සහ කශ්මීර් ජාතික සම්මේලනය යි.
මේ අතර බීජේපීය ආසන 29 ක් දිනාගන්නට සමත් වූ අතර හින්දූන් වැඩිපුර වාසය කරන ජම්මු ප්‍රදේශයේදී වැඩි වාසි අත්කර ගත්තේ එම පක්ෂයයි.
හර්යානා ප්‍රාන්තයේ මැතිවරණයෙන් ආසන 90 න් 48 ක් ජයගෙන අනපේක්ෂිත ජයක් වාර්තා කළේ බීජේපීය යි. කොන්ග්රස් පක්ෂය ආසන 37 ක් දිනාගත්තා. කෙසේ වෙතත් පක්ෂ දෙක අතර ඡන්ද ප්‍රතිශතයන් හි වෙනස සියයට එකකටත් අඩු වුණා.
මැතිවරණය අවසානයේ කරන ලද සමීක්ෂණ අනුව පෙනීගොස් තිබුණේ හර්යානා හි දස වසරක බීජේපී පාලනය මෙවර නිම වනු ඇති බවයි. එහෙයින් මේ පරාජය කොන්ග්රස් පක්ෂය බලාපොරොත්තු වූවක් නොවේ.
2024 දෙසැම්බර් 29, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:22