hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 15, ප.ව. 1:51



ඊයේ (14) දිනයට සාපේක්ෂව අද (15) වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව  ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව, සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 288.75 සිට රු. 289.25 ක් සහ රු. 296.25 සිට රු. 296.75ක් (පිළිවෙලින්) විය.

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 289 සිට රු. 289.85 ක් සහ විකුණුම් මිල රු. 297 සිට රු. 297.85 ක් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 287 සිට රු. 287.76 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 296.75 සිට රු. 297.50 ක් විය.

සම්පත් බැංකුවට අනුව, ගැනුම් අනුපාතිකය රු. 288.50 සිට රු. 289 ක් සහ විකුණුම් මිල රු. 297.50 සිට රු. 298ක් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: