hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 16, පෙ.ව. 12:04



ශක්තිමත් විපක්ෂයක් යනු වැඩිපුර මන්ත්‍රීවරුන් සිටින විපක්ෂයක් නොවන ගුණාත්මකභාවයෙන් වැඩි විපක්ෂයක් බව මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිළුම් අමුණුගම පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය සමයේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක පුටුවේ සිට කළේ දවසම මුස්පේත්තු වන්නට උදේ සිට හැඬීම සහ කෙඳිරිගෑම බවයි.

ඔහු කිසිදු විසඳුමක් පිළිබඳ කතා නොකළ අතර ආණ්ඩුව කරන හොඳ නරක සියල්ලටම විරුද්ධ වෙමින් කකුලින් අදිමින් වැඩ කළ බවට ද දිළුම් අමුණුගම චෝදනා කළේය.

සිය අරමුණ රට වට්ටා බලය ලබා ගන්නා එවැනි විපක්ෂයක් නොව කිසියම් අවස්ථාවක බලය ලබා ගැනීමට උවමනා නම් ඒ සඳහා සුදුසු ශක්තිමත් විපක්ෂයක් ගොඩනැඟීම බවයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: