hit counter

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 02, ප.ව. 3:14



ගාල්ල, නෙළුව, පින්කන්දහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු විස්සක් වන නෙළුව පිංකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තියුණු ආයුධයකින් පහර කෑමෙන් පසු තරුණයා මැදගම රෝහලට ඇතුලත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල උඩුගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.

අසළ නිවසක පියා පුතු දෙපලක් අතර ඇති වු ආරවුලක් සමතයකට පත් කිරිමට යාමේදියි මොහු ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ගාල්ල – ලලිත් චාමින්ද