2024 ඔක්තෝබර් 21, පෙ.ව. 12:01
වර්තමාන විභාග කොමසාරිස් ජෙනරාල්වරයා යටතේ අතිශයින්ම බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බැවින් සහ ඊට අදාළ නිසි පියවර නොගැනීම හේතුවෙන් වහාම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා එම තනතුරින් ඉවත් කර සේවය අවසන් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදී අද (20) ප්‍රකාශ කළා.
මෙහිදී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මේ කොමසාරිස් ජනරාල්වරයා යටතේ අතිශයින්ම බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බවයි.
සභාපතිවරයා සඳහන් කළේ, ඒ වෙනුවෙන් එම චෝදනාකරුවන්ට විභාග රාජකාරී අත්හිටුවීම ඇරෙන්න කිසිම වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි.
2015 වසරේ සිට මේ දක්වා බරපතල ගණයේ විභාග වංචා 439 ක් සිදුව ඇතැයි ද ඒ වෙනුවෙන් ද ලබා දී ඇති උපරිම දඬුම වී ඇත්තේ ජීවිත කාලයටම විභාග රාජකාරී පමණක් තහනම් කිරීම බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
මේ සම්බන්ධව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, තමන් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්, මේ වනවිට ශිෂ්‍යත්ව විභාග සිද්ධියට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩුවක් පවා ක්‍රියාත්මක බවයි.
එමෙන්ම දෙපාර්තමේන්තුව පූර්ණ විමර්ශනයක්ද මේ වනවිට සිදු කරන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලින්ම පැමිණිලි කළේද තමන් බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා අවධාරණය කළේ.
තම සීමාව තුළ උපරිම සාධාරණයක් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවද තවදුරටත් ඒ මහතා කියා සිටියේ ය.
එහෙයින් මේ කටයුතු කිසිසේත් අතහැර නොමැති බවද විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.
2024 නොවැම්බර් 05, පෙ.ව. 9:39
2024 නොවැම්බර් 05, පෙ.ව. 12:06
2024 නොවැම්බර් 05, පෙ.ව. 12:04
2024 නොවැම්බර් 05, පෙ.ව. 12:04
2024 නොවැම්බර් 05, පෙ.ව. 12:04
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
05-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24
04-11-24