hit counter

2026 ජූනි මස 19 වන සිකුරාදා

2026 ජූනි 20, පෙ.ව. 12:02



පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජයද ක්‍රියා කරමින් සිටින්නේ පසුගිය ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ ආකාරයේම දේශපාලන “ෆුට්බෝල් ගැහිල්ලක්” බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.

මේ අයුරින් කටයුතු කළහොත් අවසානයේදී මෙරට ජනතාව විසින් කාදිනල් හිමිපාණන්ව මහමොළකරු බවට පත් කරනු ඇතැයි තමන්ට සිතෙන බවත්, වත්මන් තත්ත්වය දැන් ඒ දෙසට ගමන් කරමින් පවතින බවත් ඔහු කියා සිටියා.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අයව මුල් කරගනිමින් සිදුවන සිදුවීම් පිළිබඳව ඔහු කියා සිටියේ,

“අපි දන්නවා සලේලා බලයේ ඉන්න කාලේ ශානිලගේ මොලේ කෑවා. දැන් අද වෙලා තියෙන්නේ ශානිලා මේකට ‘රිටර්න්’ එක දෙන එක. අපි දන්නවා පෞද්ගලිකව ශානිටත් එදා පෞද්ගලික පළිගැනීම් තමයි වුණේ. අද සලේටත් ඒකේ ‘රිටර්න්’ එක ලැබෙනවා.”

කෙසේ වෙතත්, තමන් කිසිසේත්ම පෞද්ගලික පළිගැනීම් අනුමත නොකරන බවත්, යම් වැරැද්දක් සිදුව ඇත්නම් ක්‍රියා කළ යුත්තේ නීත්‍යානුකූලව බවත් ඔහු පෙන්වා දුන්නා.

“මම කීයටවත් කියන්නේ නැහැ මෙහෙම කරන්න ඕන කියලා. සලේ වැරදි කරලා තියෙනවා නම් නිවැරදි පරීක්ෂණ පවත්වලා දඬුවම් කරන එකයි කරන්න ඕනේ. පෞද්ගලිකව පළිගැනීම්, මානසික හිංසා, ශාරීරික හිංසා අපි පිළිගන්නේ නැහැ.”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,

“අපි දන්නවා සලේලා බලයේ ඉන්න කාලේ ශානිලගේ මොලේ කෑවා. දැන් අද වෙලා තියෙන්නේ ශානිලා මේක්ට රිටර්න් එක දෙනවා. අපි දන්නවා පෞද්ගලිකව ශානිටත් එදා පෞද්ගලික පලි ගැනීම් තමයි වුණේ. අද සලේටත් ඒකේ රිටර්න් එක. මම කීයටවත් කියන්නේ නෑ මෙහෙම කරන්න ඕන කියලා. සලේ වැරදි කරලා තියෙනවා නම් නිවැරදි පරීක්ෂණ පවත්වලා දඬුවම් කරන එක කරන්න ඕනේ. පෞද්ගලිකව පලිගැනීම්, මානසික හිංසා, ශාරිරික හිංසා අපි පිළිගන්නේ නැහැ. දැන් පේන්නේ ගෝඨාභය රාජපක්ෂලා කරපු ෆුට්බෝල් ගැහිල්ලම තමයි මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ ආණ්ඩුවත් කරන්නේ. මට හිතෙනවා අන්තිමට මෙහෙම ගිහිල්ලා කාදිනල් හිමිව මහ මොළකාරයා කරයිද දන්නේ නෑ මේ රටේ මිනිස්සු. එතනට දැන් පත්වෙමින් යනවා.මේක ආයේ ආගම් අතර, ජාතීන් අතර වෙරය සහ ගැටුම් නිර්මාණය කරන්න කටයුතු කරන්න හදන කණ්ඩායමක අපිට පේනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: