2024 ඔක්‍තෝබර් 21, ප.ව. 12:20
ඇමරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යුක්‍රේනයේ හදිසි සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා. මේ සංචාරය පිළිබඳ කලින් මාධ්‍ය වෙත දැනුම්දීමක් කර තිබුණේ නැහැ.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ජර්මන් නායකයන් සමග යුක්‍රේනයට සහය දීම පිළිබඳ සාකච්ඡා කිරීමට ජර්මනියේ සංචාරය කළා. මේ අතර ඇමරිකානු සහ යුරෝපා සහයෝගයෙහි අඩුපාඩු පිළිබඳව යුක්‍රේනය දෙසින් මැසිවිල් නැගෙමින් පවතිනවා. ඔස්ටින් කීව් නගරයේ සංචාරයක නිරත වන්නේ එම පසුබිමෙහි යි.
මෙම සංචාරය අතරතුර ඔස්ටින් යුක්‍රේන ආරක්ෂක ඇමති රුස්තම් උමේරෆ් මුණගැසෙනු ඇති. එමෙන්ම ජනාධිපති සෙලෙන්ස්කිගේ විජයග්‍රහණයේ සැලැස්ම සහ ඇමරිකානු සහය ගැන සාකච්ඡා එහිදී සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59