2024 ඔක්තෝබර් 21, ප.ව. 11:06
ඉරානය වෙනුවෙන් වසර දෙකක පමණ කාලයක් තිස්සේ ඔත්තු බැලූ ඊශ්‍රායල ජාතික යුදෙව්වන් සත් දෙනකු අත්අඩංගුවට ගන්නා ලද බව ඊශ්‍රායලය පවසනවා.
මෙයින් දෙදෙනකු අවුරුදු 18 ට අඩු අය බවයි සඳහන් වූයේ. මෙම පිරිස ඊශ්‍රායලයේ යුධ හමුදා සහ ගුවන් හමුදා කඳවුරු මෙන්ම අයර්න් ඩෝම් පද්ධති පිහිටි ස්ථාන ආදිය පිළිබඳ තොරතුරු ලබාගෙන ඇතැයි වාර්තා වනවා.
ඉරාන ප්‍රහාර එල්ල වූ ස්ථානයන් පිළිබඳ මෙන්ම මෑතකදී හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ ගෝලානි බ්‍රිගේඩයේ කඳවුර පිළිබඳව ද මොවුන් තොරතුරු එකතුකරගෙන තිබෙන බවයි සඳහන් වූයේ.
මෙය මෑත ඉතිහාසයේ ඊශ්‍රායලයෙන් වාර්තා වූ දරුණුම චරපුරුෂ සිද්ධිය විය හැකි බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16