hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2024 ඔක්‍තෝබර් 22, ප.ව. 12:32



ඊයේ (21) මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉදිරිපත් කළ ඒ. එන්. ජේ. ද අල්විස් කමිටු වාර්තාවේ නිර්දේශ නොපිළිගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයකින් පසු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නව පරීක්ෂණයක් ආරම්භ කරන බවයි.

අමාත්‍යවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරය දියත් කල පිරිස මෙන්ම පාස්කු ප්‍රහාරය දැනගෙන එය වලක්වා ගැනීමට ක්‍රියාත්මක නොවු පිරිස සම්බන්ධයෙන් ඉදිරියේදී පරික්ෂණ සිදු කර පියවර ගන්නා බවයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: