2024 ඔක්තෝබර් 22, ප.ව. 1:42
වසර හතරකට පෙර අලුත් වූ දේශසීමා අර්බුදය පිළිබඳ චීනය සමග එකඟතාවයක් ඇතිකරගත් බව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ නිවේදනය කළා.
මේ අනුව ලදාක් ප්‍රදේශය ආශ්‍රිතව දෙපාර්ශවයෙහි පාලන සීමා පිළිබඳ මෙන්ම ඒවායේ මුර සංචාරයන් කිරීම පිළිබඳව ද දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිවී තිබෙනවා.
මෙම එකඟතාවය පිළිබඳ නිවේදනය කෙරුණේ රුසියාවේ කසාන් නගරයේදී පැවැත්වෙන BRICS රාජ්‍ය නායක හමුවට දිනක් තිබියදී වීම ද විශේෂත්වයක්.
BRICS රාජ්‍ය නායක හමුව අතරවාරයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති සී ජින්පිං අතර ද්විපාර්ශවික හමුවක් සිදුවිය හැකි බවට අනාවැකි පළවනවා.
ඉන්දියාව සහ චීනය දේශසීමා අර්බුදය අරභයා 1962 දී යුධ වැදුණා. එම ප්රශ්නය සමථයකට පත්ව තිබී 2017 දී වරක් අලුත් වූ අතර 2020 දී දෙපාර්ශවය අතර තරමක් බරපතල ගැටුම් ද වාර්තා වීමෙන් තත්ත්වය ඉතා අයහපත් අතට හැරුණා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16