hit counter

2026 අප්‍රේල් මස 07 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 23, ප.ව. 11:58



තුර්කි අගනුවර අන්කාරා හි Turkish Aerospace Industries ආයතනයේ කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා.

මෙහිදී පස්දෙනකු මියගොස් 22 ක් තුවාල ලබා ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු ඇමති අලි යෙර්ලිකායා පවසනවා.

මෙම ප්‍රහාරය එල්ල කළ දෙදෙනකු ඝාතනය කළ බව ද ඔහු සඳහන් කළා. තවත් අයකු සොයා සෝදිසි මෙහෙයුම් පැවැත්වෙන බවයි ඔහු කියා සිටියේ.

මෙම ප්‍රහාරයෙහි වගකීම කිසිවකුත් භාරගෙන නැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බවයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසූයේ.