hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2024 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ බදාදා දිනයේ රජයේ කාර්යාල මහජනතාවගෙන් පිරී ඉතිරී යන සංස්කෘතිය ඉදිරියේ දී අවසන් කරන බවයි.

ඒ අනුව ඩිජිටල් ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීම තුළින් ඒ සඳහා කටයුතු කරන බව ජනධිපතිවරයා සඳහන් කළේ ය.

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ මහනුවර දී පැවති ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එමෙන්ම,  ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ පිරිසිදුම රට බවට පත්කරන සැලස්ම ජාතික ජන බලවේග රජයක් යටතේ ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා මෙම ජන රැළිය අමතමින් පැවසුවේ ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: