2024 නොවැම්බර් 04, පෙ.ව. 12:05
අද වන විට ඇති වී තිබෙන සහල් ගැටලුවට වර්තමාන ජනාධිපතිවරයා හෝ රජය වගකිවයුතු නැතැයි ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.
එමෙන්ම කලක පටන් වෙළඳපොලේ නාඩු සහල් හිගයක් පවතින්න බවත් ඊට හේතුව අවිධිමත්ව සැලසුමකින් තොරව වගා කිරීම බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ අතර තම සහල් මෝල මගින් බෙදාහරිමින් ඇත්තේද කීරි සම්බා සහල් පමණක් බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසමින් මෙම අර්බුදය නිර්මාණය කළේ 76 වසරක් තිස්සේ රට පාලනය කළ සිය සොහොයුරා ද ඇතුළු සියලුම පාලකයන් බවයි.
ඩඩ්ලි සිරිසේන පෙන්වා දෙන්නේ අර්බුදයට හේතුව කන්නයකට නාඩු සහ කන්නයට කීරි සම්බා වගා කිරීම බවත් එය ක්රමානුකූල කරන ලෙස සෑම රජයකින්ම ඉල්ලීම් කළ ද ප්‍රතිඵලයක් අත්නොවූ බවත්ය.
එමෙන්ම නියමිත ප්‍රතිශතය අනුව වගා නොකළහොත් ඉදිරි කන්නයේ දී නාඩු හාල් තිබුණ ද කීරි සම්බා හිඟයක් ඇති වනු ඇති බව ද ඔහු අනාවැකි පල කළා.
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:06
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
25-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24