2024 නොවැම්‍බර් 08, ප.ව. 6:14
රුසියාවේ කුර්ස්ක් පළාතේදී යුක්‍රේනියානු හමුදාවන්ට එරෙහිව සටන්වැදීමට උතුරු කොරියානු හමුදා යොදවා ඇතැයි යුක්‍රේන මූලාශ්‍ර පවසනවා.
ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි කියා සිටින්නේ උතුරු කොරියානු සෙබළුන්ට ජීවිත හානි ද සිදුව ඇති බවයි.
එමෙන්ම කුර්ස්ක් පළාතට 11,000 ක පමණ උතුරු කොරියානුවන් පිරිසක් යොදවා ඇතැයි ද සෙලෙන්ස්කි කියා සිටිනවා.
යුක්‍රේන හමුදා අගෝස්තු 6 වනදා කුර්ස්ක් පළාත වෙත ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන්පසුව එහි සටන් පවතිනවා. කෙසේ වෙතත් රුසියානුවන් වැඩි අවධානය යොමුකර ඇත්තේ නැගෙනහිර පෙරමුණ වෙතයි. එම ප්‍රදේශයන් වෙතින් යුක්‍රේනියානුවන් කෙමෙන් පසුබසිමින් සිටිනවා.
2026 ජූනි 25, ප.ව. 11:59
2026 ජූනි 25, පෙ.ව. 10:33
2026 ජූනි 22, ප.ව. 2:28
2026 ජූනි 22, පෙ.ව. 11:03
2026 ජූනි 08, පෙ.ව. 11:01