hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 12, ප.ව. 1:20



ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම රාජ්‍ය ලේකම් ධුරය සඳහා මාර්කෝ රූබියෝගේ නම යෝජනා කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රිපබ්ලිකන් සෙනට් සභිකයකු වන රූබියෝ 2016 ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් ප්‍රයිමරිවලට ඉදිරිපත්ව ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජය වුණා.

මෙවර ජනාධිපතිවරණයේදී ඔහුව ට්‍රම්ප් විසින් සිය උප ජනාධිපති සගයා ලෙස පත්කෙරෙනු ඇතැයි අනාවැකි පළ වුණත් එය සිදුවූයේ නැහැ.

මියාමි නගරයේ 1971 දී උපන් රූබියෝගේ දෙමාපියන් කියුබාවේ සිට සංක්‍රමණය වූ අයයි. ඔහු රාජ්‍ය ලේකම් ලෙස පත්වුවහොත් එම තනතුරට පත් වූ පළමු ලතීනෝ ජාතිකයා ලෙස රූබියෝ ඉතිහාසයට එක්වනු ඇති.