hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 නොවැම්‍බර් 14, ප.ව. 12:56



බ්‍රසීල අගනුවර බ්‍රසීලියා හි ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසළ බෝම්බ දෙකක් පිපිරී එක් අයකු මියගොස් තිබෙනවා. මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මෙහිදී මියගොස් ඇත්තේ එම පිපිරීම්වලට වගකිව යුතු යයි සැක කෙරෙන තැනැත්තා බවයි.

එරට වෙලාවෙන් බදාදා රාත්‍රී 7.30 ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල අසළ බෝම් බයක් පිපිරී ඇති අතර ඒ අසළ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආසන්නයේදී මෝටර් රථයක තිබූ බෝම්බයක් ද පිපිරී තිබෙනවා.

එම අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගොඩනැගිල්ලෙහි සිටි අතර ඔවුන් ඉන් ඉවත් කරගෙන ඇතැයි සඳහන්.

බ්‍රසීල ජනාධිපති කාර්යාලය ද ඒ ආසන්නයේ පිහිටා ඇති නමුත් එදෙසට මෙම පිපිරීම්වලින් බලපෑමක් වී නැහැ.