2024 නොවැම්බර් 17, පෙ.ව. 12:02
නිමාවට පත්වුණු 2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන්ට එතරම් විශ්වාසයක් නොමැති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසනවා.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටි උන්වහන්සේ පෙන්වා දුන්නේ ඇතැම් අපේක්ෂකයින්ට ලක්ෂ ගණනින් මනාප ලැබීම ගැටළු සහගත වන බවයි.
එමෙන්ම මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලද නව ආණ්ඩුවට තමන් සුබපැතුම් එකතු කරන බවත් සීලරතන හිමි එහිදී සඳහන් කර සිටියා.
ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වුණු ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම ආශ්‍රිතව යම් ගැටළුකාරී තත්ත්වයක් පැවතියාද යන්න පිළිබඳවත් උන්වහන්සේ ප්‍රශ්න කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මීට ඉහත රජයන් හි පැවති දේශපාලන සංස්කෘතියෙන් මිදී ඉදිරියට කටයුතු කරන ලෙසයි නව ආණ්ඩුවට දන්වා සිටියේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ බත්තරමුල්ලේ සීලරතන හිමි,
”අද වන විට හොඳ පිරිසක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ජාතික ජන බලවේගය මේ අවස්ථාවේදී තුනෙන් දෙකක බලයක් අරගෙන තියෙනවා.
මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට මේ ලැබූ ජයග්රහණයෙන් මේ රට ස්වයංපෝෂිත කරලා ආර්ථිකය නඟා සිටුවීමට ජනතාවට සහන දීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම තමයි තුනෙන් දෙකක බලයක් ගත්තම අර පසුගිය රජයේ තාත්තලා පුතාලා උද්ධච්ච වුණානෙ. ඒ වගේ නම් උද්ධච්ච වෙන්න එපා. රට බංකොලොත් කරන්න එපා. රට විනාශ කරන්න එපා.
රටේ සම්පත් ආරක්ෂා කරලා රටේ ජනතාවත් ආරක්ෂා කරලා රටත් ආරක්ෂා කරන්න කටයුතු යොදන මෙන් ඉල්ලා සිටිනවා.
ඇතැම් විට මනාප පොරය අවශ්‍ය නෑ කියපු ජාතික ජන බලවේගයට මේ වන විට මනාප පොරයක් ඇවිත් තියෙනවා. මේ ලැබිච්ච මනාප ප්‍රතිඵල ගැන නම් මට අඹ මල් රේණුවක විශ්වාසයක් නෑ. මම එය පිළිගන්නෙත් නෑ.
සමහර අයට මනාප ලක්ෂයයි දෙකයි තුනයි හත අට දක්වා ලක්ෂ ගණන් මනාප ඇවිත් තියෙනවා. එච්චර මනාප ගණන් කොහොමද එන්නෙ. මනාප පොරය ගැන කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා.
මම නම් මේ මනාප ප්‍රතිඵල විශ්වාස කරන්නෙ නෑ. යන්න පුළුවන් අයට යන්න දෙන්නෙ නෑ….”
2024 නොවැම්බර් 17, පෙ.ව. 12:07
2024 නොවැම්බර් 17, පෙ.ව. 12:06
2024 නොවැම්බර් 17, පෙ.ව. 12:04
2024 නොවැම්බර් 17, පෙ.ව. 12:04
2024 නොවැම්බර් 17, පෙ.ව. 12:03
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
13-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
11-11-24
11-11-24
11-11-24
11-11-24