2024 නොවැම්බර් 21, ප.ව. 4:48
රුසියාව විසින් අද දින යුක්රේනයේ ද්නීප්‍රෝ නගරය වෙත එල්ල කළ ප්‍රහාරයක් අවස්ථාවේදී අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් ද එල්ල කර ඇතැයි යුක්රේන ගුවන් හමුදාව පවසනවා.
යුක්රේනයේ වෙලාවෙන් උදෑසන 5 සිට 7 දක්වා කාලය තුළ එල්ල වූ මෙම ප්‍රහාරය සඳහා කින්ශාල් මිසයිලයක්, Kh-101 මිසයිල හතක් සහ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් යොදාගත් බවයි සඳහන් වන්නේ.
මෙම බැලිස්ටික් මිසයිලය රුසියාවේ අස්ත්‍රහාන් ප්‍රදේශයෙන් දියත් කරන ලද්දක් බවයි යුක්රේන ගුවන් හමුදාව පවසන්නේ. මෙය RS26 රුබ්යේෂ් වර්ගයේ මිසයිලයක් වන්නේ යයි අනුමාන කෙරෙනවා. මේ අයුරින් අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් යුද්ධයකට යොදාගත් පළමු අවස්ථාව මෙය බවයි විශ්වාස කෙරෙන්නේ.
ද්නීප්‍රෝ හි කර්මාන්තශාලාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ද ස්ථාන දෙකක ගිනි හටගත් බව ද ද්නීප්රොපෙත්රොව්ස්ක් ඕබ්ලස්තයේ ආණ්ඩුකාර සර්හි ලිසාක් සඳහන් කළා. ද්නීප්‍රෝ නගරාධිපති බරීස් ෆිලාතොෆ් කියා සිටියේ අබාධිත පුද්ගලයන් පුනුරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි. මෙම ප්‍රහාරවලින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි යුක්රේන බලධාරීන් පැවසුවා. කෙසේ වෙතත් අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලය හේතුවෙන් සිදුවූ හානි නිශ්චිතව සඳහන් වී නැහැ.
ප්‍රහාරයට යොදාගත් Kh-101 මිසයිල හයක් විනාශ කළ බව යුක්රේනය කියා සිටියා.
2024 නොවැම්බර් 24, ප.ව. 6:55
2024 නොවැම්බර් 22, ප.ව. 6:31
2024 නොවැම්බර් 22, ප.ව. 6:21
2024 නොවැම්බර් 21, ප.ව. 8:58
2024 නොවැම්බර් 20, ප.ව. 4:51