hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2024 නොවැම්‍බර් 22, පෙ.ව. 12:02



කුඩා දරුවන් අතර අවිදුර දුෂ්ටිකත්වය හෙවත් දුර නොපෙනීමේ අක්ෂි රෝගය ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

වර්තමානයේදී ප්‍රමාණය ඉක්මවා විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය අනූශා තැන්නේකුඹුරු මහත්මිය සඳහන් කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවා.

කුඩා දරුවන්ගෙන් 30%ක් පමණ එම අක්ෂි රෝගයට ගොදුරු වී ඇති අතර එය ඉදිරි දශකයක කාලය තුළ 50% ඉක්මවා යා හැකි බවද විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: