2024 නොවැම්‍බර් 22, ප.ව. 6:21
රුසියාව ඊයේ යුක්‍රේනයේ ද්නීප්‍රෝ නගරයට පහරදීමට යොදාගත්තේ අර්යේෂ්නික් (Oreshnik) නම් වන අතරමැදි දුර බැලිස්ටික් මිසයිලයක් බව ජනාධිපති ව්ලදිමීර් පුටින් ප්‍රකාශ කළා.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු කියා සිටියේ එම මිසයිලය ශබ්දයේ වේගය මෙන් දස ගුණයක් පමණ, එනම් තත්පරයට කිලෝමීටර් 3 ක් පමණ වේගයෙන් ගමන් කළ හැකි මිසයිලයක් බවයි.
යුක්‍රේනය විසින් ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය මිසයිල යොදාගෙන රුසියාව අභ්‍යන්තරය වෙත පහරදීමට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බවත් එහිදී සෝවියට් යුගයේ සිටම යුධ අවි කර්මාන්තයට ප්‍රකට වූ කම්හලක් වෙත පහරදුන් බවත් පුටින් කියා සිටියා.
යුක්‍රේනය තවදුරටත් රුසියාව අභ්‍යන්තරය වෙත පහර දුනහොත් ඊට ද ප්‍රතිචාර දක්වන බවයි ඔහු ප්‍රකාශ කළේ.
2024 නොවැම්‍බර් 24, ප.ව. 6:55
2024 නොවැම්‍බර් 22, ප.ව. 6:31
2024 නොවැම්‍බර් 21, ප.ව. 8:58
2024 නොවැම්‍බර් 21, ප.ව. 4:48
2024 නොවැම්‍බර් 20, ප.ව. 4:51