hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2024 නොවැම්‍බර් 29, පෙ.ව. 12:02



දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිනවා.

රෝගීහු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට මෙම ගැටළුව පිළිබඳව ඊයේ (28) පැමිණිලි කළා.

මේ අතර කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට 27 පැමිණි රෝගීන් පිරිසක් ඉන්සියුලීන් නොමැතිවීම හේතුවෙන් නැවත හැරී ගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඉන්දියාවේ “වොකාඩ්” සමාගමෙන් ඉන්සියුලීන් එන්නත් හත්ලක්ෂ විසිදහසක් තීරණය කිරීමෙන් පසු එම සමාගම ණයවර ලිපි පවා නිකුත් කර ඇතත් ඖෂධ නියාමන අධිකාරිය නැවත ලියාපදිංචි සහතිකය ලබා නොදීම හේතුවෙන් ඉන්සියුලීන් ඖෂධය නැව්ගත කිරීම තවදුරටත් ප්‍රමාදව තිබෙන බව වර්තවනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21වැනිදා පැවති සමාලෝචන රැස්වීමේදී වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ ඉන්සියුලීන් ඖෂධය ආනයනය කිරීම සඳහා නැවත ලියාපදිංචි සහතික නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත් ඖෂධ නියාමන අධිකාරිය එම සහතිකය තවමත් නිකුත් කර⁣ නොමැති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී තොරතුරු අනාවරණය වුනා.

පෞද්ගලික ෆාමසිවල ‘ඉන්සියුලින්’ එන්නතක් රුපියල් 680 සිට 2500 දක්වා මිල ගණන්වලට අලෙවි වෙන බව රෝගීහු පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් අප කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දියවැඩියා සායනයේ ඉන්සියුලින් අඩුපාඩුව වරින් වර ඇති වන තත්වයක් මිස දීර්ඝ කාලීන ගැටලුවක් නොවන බවයි.

ඖෂධ සංස්ථාවේ නිලධාරී මාරුවීම් සමග මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: