2024 දෙසැම්බර් 07, ප.ව. 10:27
සිරියාවේ පාලනය අවදානමකට යොමුකොට ජිහාද් ප්‍රහාරයකට මුහුන දීම සඳහා රුසියානු පාබල ගොඩබිම් හමුදා යොමු කිරීමට සලකා බලමින් සිටින බව ක්‍රෙම්ලීනය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොවු අනාවරනය කර තිබෙනවා.
Dmitry Peskov – Press Secretary of the President of the Russian Federation
ඒ අනූව ඩැම්ස්කස් වෙත අවශ්‍ය මූලික ආදාර සැපයීමට අවශ්‍ය ආරක්ෂක හා සාමන්‍ය තක්සේරු සැකසීම ආරම්භකර තිබෙනවා.
මේවනවිට සිරියාවේ වයඹදිග කලාපය ඔස්සේ ඉදිරියට ඇදෙන ජිහාඩ් කැරලි කරුවන් ඇලෙප්පෝ ප්‍රදාන නගරය හා හාමා නගරයද තුර්කි මිත්‍රශීලී, ජිහාඩ් ග්රහනයට ගෙන තිබෙන බව අනාවරනය කෙරේ.
මෙහිදී සිරියානු හා රුසියානු හමුදා ඒකාබද්ධව පවත්වාගෙන ගිය ප්‍රදාන කඳවුරු කිහිපයක් ජිහාද් කැරලි කරුවන් අතට පත්ව තිබෙනවා.
එම කඳවුරු තුල රඳවා තිබුනු ආයුද පද්දති හා ස්ව්යං චලිත ෆ්ලැක් පැන්සර් වර්ගයේ දියුනු ගුවන් යානා නාශක අවි පද්ධති දෙකක් ද ජිහාද් කැරලි කරුවන්ගේ ග්රහනයට නතු වී තිබෙනවා.
ෆ්ලැක් පැන්සර් අවි සතුරු හමුදා අතට පත්වූ ප්‍රතම අවස්තාවද මෙය වනවා.
හාමා නගරයේ සිට ඩැමස්කස් වෙත ප්‍රහාරය සිදුවෙමින් ඇති බැවින් එය රුසියානු මිත්‍ර, සිරියානු ජනපතිවරයා හට තර්ජනයක් ලෙසයි දැක්වෙන්නේ.
මෙම ප්‍රහාර මාලාව නැවැත්වීමට අසමත් වුවහොත් සමස්ත සිරියාවම ජිහාද් ග්රහනයට නතුවීම නැවැත්විය නොහැකි බවයි දන්වා සිටින්නේ.
මෙම ප්‍රහාරයට ශයක බල ඇනි ලෙස ඉරාන හිතවාදී ඉරාක් සන්නද්ධ කන්ඩායම් සිරියාව වෙත යොමු කලද ජිහාද් කැරලි ප්‍රහාර අඩපන කිරීමට ඔව්න් අසමත්ව තිබෙනවා.
තවද රුසියානු සන්නද් හමුදා එක දිගට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හමුවේ වුවද කැරලි කරුවනොව්න්ගේ නියමිත ඉලක්ක වෙත ලගාවෙමින් ඇතිබවයි වාර්ත කලේ
රුසියාව හා ඉරානය අතර විශේෂ සන්නිවේදන පහසුකම් මේවනවිට ස්තාපිත කොට අවසන්.
ඉඩ්ලිබ් හී ස්ථානගතව ඇති ජිහාද් කැරලි කරුවන්ගේ මූලස්තාන කලාපයේ සිට ඇලෙප්පෝ පලාත ඉලක්ක කරගනිමින් දියත් කල ප්‍රහාරය සිරියාවේ කලාප කිහිපයක් දක්වා ව්‍යාප්ත කර ඇති බවයි රොයිටර් වාර්තාවල සඳහන් වන්නේ.
https://www.reuters.com/world/middle-east/aleppo-airport-closed-sources-say-syrian-rebels-reach-heart-city-2024-11-29/ (මූලාශ්‍ර)
මේ ප්‍රහාර වැලක්වීමේ සිරියානු ප්‍රතිප්‍රහාරය ජිහාද් කැරලි කරුවන්ගේ අදිතාක්ශනික ආයුධ හා වෙඩි බලය හමුවේ ව්යර්තවෙමින් පවතී.
මෙම අති නවීන ආයුධ යුක්රේනය, ඉශ්‍රායලය හා ඇමරිකාව හරහා ඉතා රහසිගත ලෙස ජිහාද් සටන් කාමීන් වෙත ලැබී ඇතැයි සැක මතු කර තිබෙනවා.
මෙහිදී ජිහාද් කැරලි කරුවන් හට ද්‍රෝන යාන යුක්රේනයෙන් ලබාදී ඇතැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය චොදනා කරනවා.
කැරලි කරුවන් හට හමුදා පුහුණුවද යුක්රේනය විසින් ලබා දී ඇතැයි චොදනා කර සිටිනවා.
මෙහිදී සිරියාවේ ශියා මුස්ලිම්වරුන් පලවා හැරීම මගින් එහි සෘජු ජයග්‍රහනය ඉශ්‍රායලය වෙත ලැබෙන බවයි දන්වා සිටින්නේ
මෙමගින් සිරියාවේ සිට ඉශ්‍රායලයට එල්ලවන තර්ජන අවසන් වන් අතර ලෙබනනයේ හිස්බුල්ල සංවිදානයට ඉරාන අවි ආයුද ලැබෙන මාර්ගයද සම්පූර්නයෙන් වැලකෙන බව දක්වා තිබුනා.
මෙය සාමන්‍ය මට්ටමේ ජිහාද් ප්‍රහාරයක් නොව භූ දේශපාලනමය මට්ටමේ ඉශ්‍රයල් ආක්රමනයක් බවයි දක්වා තිබුනේ.
මේ අතර සිරියාවේ ලේ වැගිරීම් වහාම අවසන් කරන්න යැයි එක්සත් ජාතීන් ගේ මහ ලේකම් ඇන්ටොනියො ගුටරෙස් සියලු පාර්ශව වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.
මෙහිදී ආදාර අවශ්‍ය ජනතාවට පහසුකම් සැලසීම සඳහා එක්සත් ජාතීන් ගේ පහසුකම් සලසන එක්සත් ජාතීන් ගේ දේශපාලන ක්‍රියාවලියකට යොමු වියයුතු බවයි පවසා ඇත්තේ.
António Guterres – Secretary-General of the United Nations
සනිදු ෆොන්සේකා
ස්වාධීන ආරක්ෂක විශ්ලේෂක
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16