hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 08, පෙ.ව. 10:46



සිරියානු කැරලිකරුවන් ඩමස්කස් අගනුවර වෙත ඇතුල් වී තිබෙනවා. ඔවුන් නගරයේ ප්‍රධාන රජයේ ආයතන වෙත ඇතුල් වී ඇති අතර බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් ද නිදහස් කළා.

මේ අතර සිරියානු රජයේ හමුදා සටනක් නොකරම පසුබැසගොස් තිබෙනවා. ජනාධිපති බෂාර්-අල් අසාද් කොහිදැයි තවම නිශ්චිත නැහැ.

උතුරු දෙසින් පැමිණෙමින් සිටි හයාට් තහරීර් අල්-ෂාම් ඉස්ලාමීය අන්තවාදීන් අද හොම්ස් නගරයේ ද බලය තහවුරු කරගත් බව මේ අතරවාරයේ වාර්තා වුණා.