hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2024 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:00



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ,හෙට සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක් ඇති විය හැකි බවයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, ඉන් වැඩිම බලපෑම එල්ල විය හැක්කේ උතුරු පළාතට බවයි.

කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි කරන අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සදහන් කළේ, නිරිතදිග බෙංගාල බොක්කේ දකුණු අන්දමන් දූපත් අසල ස්ථාපිත වී ඇති කැළඹිලි සහිත ස්වභාවය හේතුවෙන් මෙම කාලගුණික වෙනස අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත් අද දිනයේ ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව ඔහු කියා සිටියා.

මේ අතර, දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට වෙත බෙදාහැරීම සදහා, රුපියල් මිලියන 300ක් වටිනා ආධාර තොගයක් ජපානය විසින් මෙරටට ලබා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: