2024 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:03
සුරාබදු ආදායම වැඩි කරගැනීම ඇතුළු කරුණු කීපයක් පදනම් කරගෙන මෙරට මත්පැන් නිෂ්පාදකයින් සඳහා ලීටරයේ ප්‍රමාණයෙන් (මිලිලීටර් 1000) මත්පැන් බෝතල් නිෂ්පාදනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී තිබෙනවා.
මීට පෙර මිලිලීටර් 180, මිලිලීටර් 375, මිලිලීටර් 750 ආදී වශයෙන් මත්පැන් නිෂ්පාදනය කිරීමට මෙරට නිෂ්පාදකයින්ට අනුමැතිය ලැබී තිබූ අතර, තම චක්‍රලේඛ අනුමැතියට අනුව මිලිලීටර් 250, මිලිලීටර් 500, මිලිලීටර් 700 සහ මිලිලීටර් 1000 ලෙස මත්පැන් වීදුරු බෝතල්වල ඇසුරුම් කිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව හිමිව තිබේ.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කාර්මික තාක්ෂණ ආයතනය, පාරිභෝගික අධිකාරිය, මත්පැන් නිෂ්පාදකයින් ඇතුළු ආයතන කීපයක සහ 12 දෙනකුගෙන් යුත් කමිටුවක් විසින් මේවා නිෂ්පාදනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.
මත්පැන් නිෂ්පාදකයින් විසින් දිගින් දිගටම සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම අනුමැතිය දී තිබෙන අතර, මෙමගින් මිලිලීටර් 1000 ලෙස වෙළෙඳපොළේ දැනට අලෙවි වන නිසි ප්‍රමිතියකින් තොර බවට චෝදනා එල්ලවී ඇති මත්පැන් අලෙවිය අඩපණ කිරීමට ද මෙමගින් අවස්ථාව හිමිවනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
2026 ජූනි 19, පෙ.ව. 12:29
2026 ජූනි 19, පෙ.ව. 12:20
2026 ජූනි 19, පෙ.ව. 12:18
2026 ජූනි 19, පෙ.ව. 12:14
2026 ජූනි 19, පෙ.ව. 12:11
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26