2024 දෙසැම්‍බර් 11, ප.ව. 11:55
දකුණු කොරියානු ජනාධිපති යුන් සුග් යොල්ගේ කාර්යාලයට පැමිණි පොලිසිය අද එය පරික්ෂා කළ බව වාර්තා වනවා.
ඉකුත් දා එරට යුද්ධ නීතිය පැනවීමේ සිද්ධිය සම්බන්ධ ලියකියවිලි සොයාගැනීම එහි අරමුණ වූ බවයි පැවසුණේ.
මේ අතර හිටපු ආරක්ෂක ඇමති කිම් යොන් හුංග් අත් අඩංගුවේදී සිය දිවි නසාගැනීමට උත්සාහ කර ඇතැයි ද වාර්තා වනවා. කෙසේ වෙතත් ඔහු දැන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි අධිකරණ අමාත්‍යංශය කියා සිටියේ.
යුධ නීතිය පැනවීමට යෝජනා කළ තැනැත්තා ඔහු බැවින් ඔහුව අත් අඩංගුවට ගෙන තිබෙන අතර ජනාධිපතිවරයා ඇතුළු කිහිපදෙනකුට එරෙහිව කැරලි ගැසීමට තැත් කිරීමේ චෝදනා එල්ල ව තිබෙනවා. ඔවුන්ට රටින් පිටවීම ද තහනම් කර තිබෙනවා.
ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වුව ද එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය නොමැතිව පරාජය වුණා.
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 16, ප.ව. 1:00
2026 මාර්තු 14, ප.ව. 2:54