hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:05



නව පාසල් වාරය ආරම්භයට පෙර සිසුන්ට පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීමට උපදෙස් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එම නිල ඇඳුම් කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව ජනවාරි 27 වනදා නව පාසල් වාරය ආරම්භ වන අතර, එයට පෙර සිසුන් අතට නිල ඇඳුම් රෙදි ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ ය.

පාසල් නිල ඇඳුම් සිසුන් 4,640,086ක් සඳහා ලබාදීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියේ ය.

කෙසේ වෙතත්, 2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබිණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: