2024 දෙසැම්බර් 15, ප.ව. 6:16
දන්යෙත්ස්ක් පළාතේ කුරාහවා නගරයේ පරිපාලන ගොඩනැගිල්ලෙහි ඊයේ රුසියානු ධජය ඔසවනු ලැබුණා.
මේ අනුව රුසියානු හමුදා එම නගර මධ්‍යය අල්ලාගෙන ඇති බව තහවුරු වනවා. නමුත් නගරයේ බටහිර කොටස තවම ඇත්තේ යුක්රේනය අතයි.
මේ අතර කුරාහවා කාර්මික ප්‍රදේශයේ සහ තාව විදුලි බලාගාරයේ යුක්රේන හමුදා කඳවුරු බැඳගනිමින් සිටින බව වාර්තා වනවා. කුරාහවා නගරයට දකුණු දෙසින් සිටි යුක්රේනියානු හමුදා රුසියානුවන් විසින් කොටු කරනු ලැබුණා.
කුරාහවා නගරයට උතුරුදිගින් පක්‍රොව්ස්ක් ප්‍රදේශයේ ද දරුණු සටන් පවතිනවා. පක්රොව්ස්ක්වලින් කිලෝමීටර් කිහිපයක් දකුණු දෙසින් වන ශෙව්චේන්ක ගම්මානය නොබෝදා රුසියානුවන් අතට පත්වුණා. එම ප්‍රදේශයේ තවමත් සටන් සිදුවන බව වාර්තා වනවා.
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:12
2024 දෙසැම්බර් 11, ප.ව. 11:55
2024 දෙසැම්බර් 11, ප.ව. 11:45