2024 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:04
හිටපු කතානායක ඉල්ලා අස්වීමේ ලිපිය ලියමින් තමන්ට ආචාර්ය උපාධියක් නැතැයි නොපවසා එහි ලේඛන සොයා ගැනීමට නොහැකි බවට සිදුකළ ප්‍රකාශය ද බොරුවක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා පවසයි.
අශෝක රන්වලට ජපානයේ විශ්වවිද්‍යාලයක සැබවින්ම ආචාර්ය උපාධියක් ඇත්නම් ඊට අදාළ ලේඛන ජනාධිපතිවරයාට එහි තානාපති නිලධාරීන් ලවා වහාම ලබාගත හැකි බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
ආචාර්ය මර්වින් සිල්වාට තිබූ ආචාර්ය පට්ටම පවා හිටපු කතානායක අශෝක රන්වලට නොමැති බවත් එහි ලේඛන ලබා ගැනීමට කල්ගත වන බවට සිදුකරන ප්‍රකාශ කිසිසේත් පිළිගත නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.
සයිටම් විශ්වවිද්‍යාලය හොර උපාධි කඩයක් යැයි චෝදනා කරමින් සිදුකළ විරෝධතාවට නායකත්වය දුන් හිටපු කතානායකවරයා අවසානයේ හොර උපාධිකාරයෙකු බවට පත්ව ඇතැයි ද ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා පෙන්වා දෙයි.
චමුදිත සමරවික්‍රම සමග සාකච්ඡාවකට එකතු වෙමින් ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මේ බව කීය.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11