hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ජූලි 04, ප.ව. 8:38



යාපනය ලංගම ඩිපෝවට අයත් බස් රථයක සිටි මගීන් තුන් දෙනෙකු බස් රථයේ කොන්දොස්තරවරයාව බසයෙන් බිමට තල්ලු කොට ඔහු සතුව තිබූ රුපියල් 59,177 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

බස් රථයේ සිටි මගීන්ද එක්ව පලා ගිය පිරිස් ඇල්ලීමට උත්සහ ගත්තද නොහැකි වී තිබෙනවා.

පසුව අදාළ කොන්දොස්තරවරයා විසින් කිලිනොච්චිය පොලීසියද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

වන්නි – රොමේෂ් මධුෂංඛ