2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
චීන විද්‍යාඥයින් Chang’e-6 චන්ද්‍ර සාම්පල විශ්ලේෂණය කොට පළමු වරට චන්ද්‍රයාගේ පිටුපස ඇති පැරණි චුම්භක ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු ලබා ගෙන ඇති බව චීන විද්‍යා ඇකඩමිය සඳහන් කරයි.
එමගින් මධ්‍ය චන්ද්‍ර චුම්භක ක්ෂේත්රයේ පරිණාමය පිළිබඳ සම්පූර්ණ දත්ත ලබා ගත හැකි ඇති අතර එහි පරිණාමය අධ්‍යයනය කිරීමට සහ ” චන්ද්‍ර චුම්භක ක්ෂේත්‍ර උත්පාදක යන්ත්‍රය” ගවේෂණය සඳහා වැදගත් පදනමක් සපයයි.
මෙම ප්‍රතිඵලය බෙයිජිං වේලාවෙන් 20වැනිදා ජාත්‍යන්තර ශාස්ත්‍රීය සඟරාව වන “නේචර්” හි අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම වසරේ ජුනි මාසයේදී,චීනය සිය Chang’e-6 මෙහෙයුම ප්‍රථම වරට චන්ද්‍රයාගේ පිටුපස කොටසේ සාම්පල ලබා ගැනීම සම්පූර්ණ කළ අතර, වටිනා සාම්පල ග්‍රෑම් 1,935.3 ක් ආපසු ගෙන එන ලදී.
එම සාම්පල ලබා ගත් ස්ථානය චන්ද්‍රයාගේ පිටුපසේ එයිට්කන් දකුණු ධ්‍රැවය ද්‍රෝණියේ ඇපලෝ ආවාටයේ පිහිටා ඇත.
එය චන්ද්‍රයාගේ පිටුපස පර්යේෂණ සිදු කිරීමට දුර්ලභ අවස්ථාවක් හිමි කර තිබීම වඩා වැදගත් වී තිබේ.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16
2024 දෙසැම්බර් 15, ප.ව. 6:12