2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 11:34
තුර්කි විදේශ ඇමති හකාන් ෆිදාන් සිරියානු සංචාරයක නිරත වෙමින් ඩමස්කස් නගරයේදී හයාට් තහ්රීර් අල්-ශාම් සංවිධානයේ නායක අහමඩ් අල්-ශරා හෙවත් මොහොමඩ් අල්-ජොලානි හමුවුණා.
මෙහිදී සිරියාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීම, කුර්දි ජාතිකයන්, ඊශ්‍රායල ප්‍රහාර ආදී කරුණු පිළිබඳ සාකච්ඡා සිදුවූයේ යයි වාර්තා වනවා.
මෙම සාකච්ඡාව සිදුවන්නේ කුර්දීන් ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා සමග තුර්කි සහය ලබන සිරියානු ජාතික හමුදාව නම් සංවිධානය බරපතල ගැටුම්වල යෙදෙමින් සිටින පසුබිමකයි.
කෙසේ වෙතත් සිරියාවේ ජනවාර්ගික සහ ආගමික සුළුතරයන් ආරක්ෂා කරන බව හයාට් තහ්රීර් අල්-ශාම් සංවිධානය ප්‍රතිඥා දී තිබෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24