hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 25, පෙ.ව. 12:15



මහනුවර දිස්ත්‍රික්කය පුරා ගම්වල බෝගවලට හානි කරන රිළවුන් අල්ලා ජලාශ දූපත් වලට දැමීම සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්ණ සහ බී. එම්. බස්නායක යන දෙදෙනා යෝජානා කර තිබෙනවා.

එම යෝජනාවට ගොවීන් විරෝධය පළ කර ඇත.

ඒ අනුව ගෝවීන් පෙන්වා දෙන්නේ මෙම ජලාශ දූපත් වලට රිළවුන් අල්ලා ගෙනැවිත් දැමීමේ යෝජනාව අසාර්ථක බවත් එම රිළවුන් වික්ටෝරියා, රන්දෙණිගල ජලාශ අවට ගම්මාන වලට කඩා වැදීම නිරන්තරයෙන් සිදුවිය හැකි බවයි.

රිළවුන්ගේ බෝවීම වළක්වාලීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය හා එක්ව රිළවුන් වඳ සැත්කමට (වද්‍යකරණයට) භාජනය කළ යුතුව තිබිය දී ප්‍රශ්නයෙන් බේරීම සඳහා රිළවුන් අල්ලා තම ගම්මාන පිහිටි ජලාශ දූපත් වලට දැමීම තවත් අර්බුදයකට හේතු වන බව ඔවුන් සදහන් කර තිබෙනවා.

මේ අතර, ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙන්නේ වික්ටෝරියා ජලාශය සහ රන්දෙණිගල ජලාශය අවට ගොවී ගම්මාන රැසක් මෙන්ම ජනතාව බහුලව පදිංචි වී සිටින ජනාවාස රැසක් තිබෙන බවත්, එම ජලාශ වල ජලය සිඳී ගිය පසු ජලාශ දූපත්වල රඳවන සියලුම රිළවුන් නැවත ගම්මාන වලට වදින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: