2024 දෙසැම්‍බර් 24, ප.ව. 1:23
ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ රාජ්‍ය නායකයාගේ මව රටේ සාමාන්‍ය රෝහලක ප්‍රතිකාර ලබමින් ඇතැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.
සිය මවට සිය ගමේ රජයේ රෝහලින් ප්‍රතිකාර ලබන්නට සැලැස්වීම මගින් රටේ ජනතාව අපේක්ෂා කළ ක්‍රම වෙනස (system change) ඇති කිරීමට ජනාධිපතිතුමා උනන්දු වී ඇති බව ද එහිමියන් පෙන්වා දෙයි.
මෙයට පෙර දේශපාලකයන් සහ ඔවුන්ගේ ඥාතීන් ප්‍රතිකාර සඳහා යොමු වූයේ කොළඹ විශේෂ රෝහලක හෝ විදෙස් රටක රෝහලක බව ද සෝභිත හිමි සිහිපත් කරයි.
ජනාධිපතිවරයාගේ මව ප්‍රතිකාර ලබන අනුරාධපුර ශික්ෂණ රෝහලට ගොස් මවගේ සුවදුක් විමසා ආශීර්වාද කිරීමෙන් අනතුරුව එහිමියන් මේ බව කීය.
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:26
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 12, පෙ.ව. 12:11