hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2025 ජනවාරි 02, ප.ව. 2:25



ඇමරිකාවේ ලාස් වේගාස් නගරයෙහි ට්‍රම්ප් ඉන්ටර්නැශනල් හෝටලය අසළ ටෙස්ලා සයිබර්ට්‍රක් රථයක පිපිරීමක් වාර්තා වුණා.

මෙය එම රථයේ දෝශයක් නිසා සිදුවූවක් නොවන බවයි මූලික පරීක්ෂණ අනුව පෙනීගොස් ඇත්තේ. ගිනිකෙළි කොටස් සහ තෙල් පිරවූ භාජන මෙහි තිබී ඇතැයි සඳහන්. ඒ අනුව මෙය ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි යයි සැක කෙරෙනවා.

මෙම සිද්ධියෙන් වාහනයේ සිටි තැනැත්තා මියගොස් හත්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ටෙස්ලා අධිපති ඊලොන් මස්ක් කියා සිටියේ ප්‍රහාරකයන් වැරදි වාහනය තෝරාගෙන ඇති බවයි. හෝටලයේ ලොබියට පවා කිසිදු හානියක් සිදුව නැති බවත් වාහනය විසින්ම එම පිපිරීමේ ශක්තියෙන් විශාල කොටසක් උකහාගෙන ඇති බවත් ඔහු පවසනවා.