hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 06, පෙ.ව. 5:53



රුසියාවේ කුර්ස්ක් පළාතේදී යුක්‍රේන හමුදා විසින් ඊයේ අලුත් ප්‍රහාරක මෙහෙයුමක් දියත් කෙරුණා. රුසියානු මූලාශ්‍ර පවසන්නේ බල්ශෝයි සල්දාත්ස්කයේ නම් ගම්මානය දෙසට ඉලක්ක කරගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ බවයි.

යුධ ටැංකි සහ සන්නද්ධ රථ ද යොදාගෙන මෙම ප්‍රහාරය දියත් කරනු ලැබ ඇති අතර මූලික අවස්ථාවේ දරුණු සටන් වාර්තා වූ බවත් ප්‍රහාරය මැඩ පැවැත්වූ බවත් රුසියානු මූලාශ්‍ර කියා සිටිනවා.

කෙසේ නමුත් තවත් ප්‍රහාරයන් එල්ල විය හැකි බවයි එම මූලාශ්‍රයන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.