hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 09, ප.ව. 2:25



ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුර කාලයෙහි පළමු දින සියය තුළ යුක්‍රේන යුද්ධය නිම කිරීමට අපේක්ෂා කරනු ඇතැයි ඔහුගේ යුක්‍රේන සාම නියෝජිත කීත් කෙලොග් පවසනවා.

ෆොක්ස් නිව්ස් සමග සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ යුක්‍රේනයට සාමය උදා කරලීම ට්‍රම්ප් පුද්ගලිකව විශාල වැදගත්කමක් දෙන කටයුත්තක් බවයි. නමුත් එතුලින් ව්ලදිමීර් පුටින්ට හෝ රුසියාවට අවශ්‍ය දේ ලබාදීමට ට්‍රම්ප්ට අවශ්‍ය යයි කෙරෙන අදහස් ඔහු ප්‍රතික්ෂේප කළා. කෙලොග් පැවසූයේ ට්‍රම්ප්ට අවශ්‍ය යුක්‍රේන ස්වෛරීභාවය ආරක්ෂා කිරීම බවයි.

තමාට යුක්‍රේන යුද්ධය පැය විසි හතරකින් අවසන් කළ හැකි යයි ට්‍රම්ප් කලකට පෙර කියා සිටියා. නමුත් ජනාධිපතිවරණයට පසු ට්‍රම්ප් එම අදහස ප්‍රකාශ නොකළ අතර යුක්‍රේනය පිළිබඳ ඔහුගේ සාම වැඩපිළිවෙළ පිළිබඳ නිශ්චිත අදහසක් මෙතෙක් ඔහුගෙන් ලැබී නැහැ.