2025 ජනවාරි 09, ප.ව. 2:33
යුක්‍රේන – රුසියානු යුද්ධයේදී රුසියාවට ඇතැම් වාසි තිබෙන නමුත් සම්පූර්ණ වාසිය ඔවුන් සතු යයි තක්සේරු කිරීම නිවැරදි නැති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා.
යුක්‍රේනයේ භූමියෙන් කොටසක් රුසියාව විසින් අල්ලාගත්ත ද එය දිගටම පාලනය සඳහා විශාල හමුදාවක් යෙදවීමට සිදුවේ යයි ඔස්ටින් සඳහන් කළා. එමෙන්ම රුසියාවෙහි මියගිය හා තුවාල ලද සෙබළුන් 700,000 ක් පමණ වන හෙයින් රටේ ජනගහනයට වන බලපෑම සහ ආර්ථිකයට වන බලපෑම ද සුළුපටු නොවන බවයි ඔස්ටින් කියා සිටියේ.
යුක්‍රේනයේ භූමියෙන් සියයට 20 ක් පමණ රුසියානුවන් අත පවතිනවා. මෙම භූමිය සම්පූර්ණයෙන් මුදාගැනීමට මිලිටරිමය හැකියාවක් තම රටට නොමැති යයි යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මෑතකදී පිළිගත්තා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24