2025 ජනවාරි 21, පෙ.ව. 10:04
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවේ වෙලාවෙන් ඊයේ රාත්‍රියේ දිවුරුම් දුන්නා. එම අවස්ථාවේදී ඔහු කළ කතාවෙන් ට්‍රම්ප් කියා සිටියේ ඇමරිකාවේ ස්වර්ණමය යුගය එයින් ඇරඹෙන බවයි.
ට්‍රම්ප්ගේ කතාව “ඇමරිකාව පළමුව” යන ස්ථාවරය වටා ගොනුවී තිබුණා. ඇමරිකාව විදේශයන් විසින් පාලනය කිරීම නවතන බවත් එහි ස්වෛරීභාවය නැවත පිහිටුවන බවත් ඔහු සඳහන් කළා. “අද පටන් අපගේ දේශය යළි සමෘද්ධිමත්ව වැජඹෙනු ඇති අතර ලෝකය අප රටට නැවත ගෞරව කිරීමට පටන් ගන්නවා ඇති” යයි ඔහු කියා සිටියා.
ජෝ බයිඩන් පාලනය යටතේ ඇමරිකාව අවනතියට පත්වූ බවත් ඇමරිකානු රාජ්‍ය යාන්ත්‍රණය ඇතැම් පුද්ගලයන් වෙත එල්ල වූ බවත් කියා සිටි ට්‍රම්ප් එම කටයුතු තමන් යටතේ නවතින බව සඳහන් කළා. කෙසේ වෙතත් තම සාමය ගෙනෙන්නෙක් සහ එක්සත්කරුවෙක් ලෙස හඳුන්වා දුන් ට්‍රම්ප් ඇමරිකාව මුහුණ දී ඇති අභියෝගවලට එකාවන් ව මුහුණ දිය යුතු බව කියා සිටියා.
බලශක්ති සුරක් ෂිතතාව සඳහා ඇමරිකානු තෙල්, ස්වභාවික වායු සහ ගල් අඟුරු සංචිත භාවිත කිරීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම අනවසර සංක්‍රමණිකයන් පාලනයට පියවර ගන්නා බවත් දකුණුදිග දේශසීමාවෙහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බවත් සඳහන් කළ ට්‍රම්ප් මෙක්සිකෝවේ මත් ජාවාරම් කාර්ටල ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කිරීමේ අදහස පිළිබඳ ද ඉඟි පළකළා.
සංස්කෘතිකමය වශයෙන් ඇමරිකාවේ පිළිගන්නේ මනුෂ්‍ය වර්ගයා ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් ලිංග දෙකකට පමණක් අයත් වන බව යයි ඔහු සඳහන් කළා.
2025 ජනවාරි 21, ප.ව. 12:14
2025 ජනවාරි 20, ප.ව. 9:38
2025 ජනවාරි 19, ප.ව. 7:02
2025 ජනවාරි 19, ප.ව. 1:00
2025 ජනවාරි 18, ප.ව. 10:21