2025 ජනවාරි 23, පෙ.ව. 12:03
නීති රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්රදාය ඉතා ම වැදගත් අංගයක් බව ත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ, මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා රාජ්‍ය උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (22) පැවති සාකච්ඡාවට එක් වෙමිනි.
ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, බුදු දහමෙහි හරයන් මත ගොඩ නැගුණු සම්ප්රදාය ශ්‍රී ලංකා සමාජය හැඩගැස්වීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් සිදු කර තිබෙන අතර එමගින් බෞද්ධ සම්ප්රදාය අනාගත පරම්පරාවට සුරක්ෂිතව ලබා දීම සියලු දෙනාගේ ම වගකීමක් බව ය.
බෞද්ධාගම තුළ තිබෙන ප්‍රධාන උත්සවයක් වන උපසම්පදා විනය කර්මයෙහි ඓතිහාසික වැදගත්කම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උපසම්පදා භික්ෂුව අහෝසි වීම යනු බෞද්ධ සංස්ථාව ම අහෝසි වීමක් බව පැවසීය.
ඔහු සඳහන් කළේ, එම අතීත සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් ගෞරවයෙන් ඉදිරියට ගෙන යා යුතු බව ය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්ම රාජ්‍ය උත්සවය 2025 ජූනි 30 වන දා සිට ජූලි 5 වන දා අතර විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට නියමිත ය.
සාමණේර හිමිවරුන් 250කට අධික පිරිසකගේ උපසම්පදා විනය කර්ම මහා උත්සවය මෙලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දෙවසරකට වරක් සිදු කරනු ලබන උපසම්පදා විනය කර්මය ගරු කටයුත්තක් ලෙස රජය සලකන බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොපිරිහෙලා ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
2025 ජනවාරි 23, පෙ.ව. 8:13
2025 ජනවාරි 23, පෙ.ව. 8:06
2025 ජනවාරි 23, පෙ.ව. 8:03
2025 ජනවාරි 23, පෙ.ව. 8:01
2025 ජනවාරි 23, පෙ.ව. 7:57
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
23-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25
22-01-25