hit counter

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා

2025 ජනවාරි 23, පෙ.ව. 8:13



වත්මන් ආණ්ඩුව ආයෝජකයන් දහ දෙනෙකුට නිරුපද්‍රිතව රටට ආයෝජන ගෙන එන්නට ඉඩ සලසා දුනහොත් තවත් ආයෝජකයන් 100ක් පස්සෙන් එන බව හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ආශූ මාරසිංහ පවසයි.

පසුගිය ආණ්ඩු සමයේ ආයෝජකයන්ගෙන් කොමිස් ඉල්ලූ බවට ජපානය වැනි රටවල් පවා චෝදනා කළ බවත් කිසිවෙකු තමන් මහන්සියෙන් ඉපයූ ධනය කොමිස් ලෙස ලබා දෙන්නට සූදානම් නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.

තමන් දැරූ දේශපාලන මතවාදය පරාජයට පත්ව ඇති නිසා වර්තමාන ආණ්ඩුවේ හොඳ වැඩ සඳහා සහයෝගය ලබා දෙන බවත් මෙතෙක් ආණ්ඩුවේ කිසිදු වරදක් තමන් නොදකින බවත් ආශූ මාරසිංහ ප්‍රකාශ කරයි.

ජනාධිපති අනුර දිසානායක 2025 අවුරුද්දට සාර්ථක ලෙස මුහුණ දී විදෙස් ආයෝජකයන් 10 දෙනෙක් රටට රැගෙන ආවොත් ඔහු රට වසර 10ක් පාලනය කිරීම ස්ථිර බව ද ඔහු අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: