2025 ජනවාරි 24, ප.ව. 12:50
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට එකඟ විමේ හැකියාවක් ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසනවා.
බ්ලුම්බර්ග් වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඒ සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්‍රේනයට ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් සහතිකයක් දිය යුතු බවයි.
එම සහතිකය කුමක්දැයි සෙලෙන්ස්කි පැහැදිලි නොකළත් මීට පෙර බොහෝ අවස්ථාවන් හි යුක්‍රේනය ප්‍රකාශ කර ඇත්තේ තමන් නේටෝ සාමාජිකත්වය පමණක් ශක්තිමත් ආරක්ෂක සහතිකයක් ලෙස ගන්නා බවයි. නමුත් ඊට රුසියාව එකඟ වන ස්වභාවයක් නැහැ.
මේ අනුව සෙලෙන්ස්කිගේ යෝජනාව ක්‍රියාත්මක කළ හැකිවේද යන සැකය නිර්මාණය වී තිබෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24